ගුරු හිඟයට විසඳුමක්

ගුරු හිඟයට විසඳුමක්

මධ්‍යම පළාතේ ඇතැම් කලාපවල සිංහල මාධ්‍ය පාසල්වල පවතින උග්‍ර ගුරු හිගයට පිළියමක් ලෙස විශ්‍රාමික ගුරුවරුන් හා රජයේ විශ්වවිද්‍යාලවල රැකියා විරහිත උපාධිධාරීන් තාවකාලික පදනම මත බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා නිර්දේශ කරන යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින විශ්‍රාමික ගුරුවරුන්ට හා රැකියා විරහිත උපාධිධාරීන් හෙට පෙරවරුවේ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී එල් අබේරත්න මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව තාවකාලික පදනම මත අදාළ බඳවා ගැනීම් සිදු කෙරෙන බවද දැනුම් දී තිබෙනවා.