පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නවත්වයි

පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නවත්වයි

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සැළකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම තාවකාලිකව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මේ වනවිටත් සියළුම පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි.

එහිදී සිංහල හා හින්දු අළුත් අවුරුද්දෙන් පසුව එම උත්සව පවත්වන ලෙස තමා අදාල බලධාරීන්ට දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.