මධුශංකට හෙට තරඟය අහිමි වෙයි

මධුශංකට හෙට තරඟය අහිමි වෙයි

බංගලාදේශයට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට ආරංචි පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, 2 වැනි එක්දින තරගයේදී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටිනු ඇති බවයි වාර්තා වෙන්නේ.

එළැඹෙන IPL පළමු අර්ධයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ සැකයක් මතුව තිබෙන බවද සඳහන්.

ඩිල්ෂාන් මධුශංක මේ මස පැවැත්වෙන IPL වාරයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට සහභාගි වීමට නියමිතව තිබුණා.

COMMENTS