වසර 04කට පසු තායි එයාර්වේස් ගුවන් සමාගම දිවයිනට

වසර හතරකට පසු යළි තායි ඒයාවේස් ගුවන් සේවය ආරම්භ කිරීමත් සමඟ අප්‍රේල් පළමුවනදා පළමු ගුවන් යානය බැංකොක් සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.
පසුගිය කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වු තායි ඒයාවේස් ගුවන් සේවය අත්හිටුවනු ලැබුවා.
තායි ඒයාවේස් ගුවන් සේවයේ කටයුතු යළි ආරම්භ කිරීමත් සමග මෙසේ කටුනායක හා බැංකොක් අතර ගුවන් ගමන් ආරම්භ කිරීමටයි තීරණය වී ඇත්තේ.
ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ගුවන් සමාගම සමග පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි.
තායි ගුවන් සේවාව නැවත ආරම්භ කිරීම නිමිත්තෙන් පසුගිය දා උත්සවයක් ද පැවති අතර අමාත්‍ය අලී සබ්රි, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිතූන් මහපනපෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

