හෙට – අනිද්දා රෝහල් අකුරට වැඩ

හෙට – අනිද්දා රෝහල් අකුරට වැඩ

දිගින් දිගටම තම වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා සිටිය ද එයට විසඳුම් නොදීමට එරෙහිව හෙට (19) හා අනිද්දා (20) යන දෙදිනේ දී දිවයින පුරා රෝහල්වල අකුරට වැඩ කිරිමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ සභාපති සරත් සෙනවිරත්න මහතා මේ බව පැවසීය.

අප මීට පෙර උද්ඝෝෂණ ගණනාවක් සිදු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ඇමැතිවරයා සමග කළ සාකච්ඡාවලදී කිසියම් එකඟතාවයකට පැමිණිය ද මේ වන තෙක් පිළිගත හැකි විසඳුම් නෑ. මේ වන විට මෙම වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීමට මහ භාණ්ඩාගාරය ඇල් මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

මේ නිසා එයට එරෙහිව සංකේතාත්මකව මෙම දෙදින අකුරට වැඩ කිරීමට ව්‍යාපාර ආරම්භ කිරීමට තීරණය කළා. මේ සඳහා ද කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත අරගලයක් කරනවා. එහිදී රෝගීන්ට සිදු වන අපහසුතාවය පිළිබඳව රජය වගකිව යුතුයි යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS