කෙහෙළිය මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

කෙහෙළිය මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජූලි 26 වනදා මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පළාත්බද මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි අද නියෝග කළා.

ඒ, 1999 වසරේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පස්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ නඩුව සඳහායි.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහුගේ නීතීඥවරුන් ප්‍රකාශ කර ඇත්තේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින බවයි.

කෙසේ වෙතත් විත්තිකරු නඩුවට පෙනී සිටීමට සූදානම් බවද ඔවුන් ප්‍රකාශ කළ අතර, ඒ අනුව මීළඟ නඩු දිනයේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයාට විනිසුරුවරිය නියෝග කළා.

COMMENTS