රේගු වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරයි

අතිකාල සේවාවලින් ඉවත්වූ රේගු වෘත්තිය සමිති අද (19) උදෑසන සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
රේගු වංචා සම්බන්ධයෙන් වැටලීම් කරන නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට ත්‍යාග මුදල් ලබාදෙන අරමුදල මුදල් අමාත්‍යාංශයට පවරාගැනීමට එරෙහිව පසුගිය සිකුරාදා ඔවුන් අතිකාල සේවාවලින් ඉවත්වී මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
මේ හේතුවෙන් බහාලූම් 4000ක් පමණ මේ වන විට වරාය තුළ සහ ඉන් පිටත ගොඩ ගැසී ඇති බවයි බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ.

