සපුගස්කන්ද ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන් කරයි

සපුගස්කන්ද ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන් කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කරනු ලැබීය.

පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලැබේ.

අදාල පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක් පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා අවස්ථා ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශය මගින් සපයා ගැනීමට හැකිවන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම යෝග්‍ය බව රජය සඳහන් කළේය.

COMMENTS