පවුල් මිලියන 2.74කට මාස 2ක් නොමිලේ හාල්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
2023 වසරේ මුල් භාගයේදී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා සහල් ලබාදීමට පියවර ගෙන ඇත බවයි සඳහන් වන්නේ
ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන් දිසාපතිවරුන් හරහා හඳුනා ගත් අඩු ආදායලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණයක් වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් දහයක් ලබාදීමේ වැඩසටහන මාස දෙකක් කාලයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා

