වනිඳුට තරඟ තහනමක්

බංග්ලාදේශය සමඟ පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අතරවාරයේදී විනිසුරුවරයා සමඟ බහින් බස්වීමක් ඇතිකර ගනිමින් ක්‍රීඩක චර්යා ධර්ම සංග්‍රහයේ වගන්තියක් කඩ කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ටෙස්ට් තරග දෙකක තහනමක් පනවන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වනිඳු හසරංගට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමිව යනවා.
මීට අමතරව වනිඳුට තුන්වැනි එක්දින තරගයේ තරග මුදලින් 50%ක දඩයක් පැනවීමටත් පියවර ගෙන තිබෙනවා.
මේ අතර තුන්වැනි එක්දින තරගය අවසානයේදී විනිසුරුවරුන්ට අතට අතදීමේදී අප්‍රසාදය පළ කළ ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ට තරග මුදලින් 50%ක දඩයක් සහ දඩුවම් ලකුණු 3ක් ලබා දෙන්නටත් ICC පියවර ගත්තා.

