පන්දුවාර 20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹේ

ලබන ජුනි මස පළමුවනදා ආරම්භ වන පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මේ වන විට අවස්ථාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.
කෙසේ වෙතත්, ඇමරිකාවේ පැවැත්වෙන තරඟ නැරඹීමට සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී නොමැති අතර, බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මේ වනවිට මිලදී ගත හැකි බවයි එම කවුන්සිලය සඳහන් කළේ.
ජුනි මස 29 වනදා දක්වා පැවත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජුනි මස 03 වනදා පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සමගයි.
මේ අතර, ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය එළිදැක්වීම සහ එය ලොව වටා රැගෙන යෑම ඇමෙරිකාවේදී ඊයේ ආරම්භ වුණා.

