පවතින රස්නය නිසා සතුන්ටත් ආතතිය

පවතින රස්නය නිසා සතුන්ටත් ආතතිය

පවතින වියළි කාලගුණයත් සමග සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසනවා.

එසේම කෘෂිකාර්මික සත්ත්ව පාලනයේ නිරත ගොවි ජනතාව ද තම සත්ත්වයින්ට ඇතිවන සංකූලතා පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු බවයි ඒ මහතා පවසන්නේ.

පවතින අධික උෂ්ණත්වය නිසාවෙන් කිකිළියන් බිත්තර දැමීමේ අඩුවක් දකින්නට හැකි බවත් එමෙන්ම ගවයින්ගෙන් දිනකට ලබාගත හැකි කිරි ප්‍රමාණයේ අඩුවක් දැකිය හැකි වන බවද සඳහන්.

එබැවින් නිවාසවල සහ ගොවිපළවල සිටින සතුන්ට නිරන්තරයෙන් ජලය ලබාදීමට කටයුතු කිරීම, හැකි තරම් වාතාශ්‍රය ලබා ගැනීමට හැකි ආකාරයෙන් එම සතුන් ගාල්කර තැබීම සහ අවශ්‍ය විටමින් වර්ගයන් සතුන්ට ලබාදීමට කටයුතු කිරීම වැනි කටයුතු සඳහා අවධානයක් යොමු කරන ලෙසයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ.

COMMENTS