වියලි කාලගුණයේ වෙනසක්

පවතින වියලි කාලගුණයේ වෙනසක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
ඌව, නැගෙනහිර සහ උතුර පළාත්වල වැසි වාර කිහිපයක් අද දිනයේ ඇතිවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කරයි.
මේ අනුව, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, දකුණ, වයඹ, උතුරැ මැද පළාත්වල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

