දකුණු පළාතට අලුතින් උපාධිධාරි ගුරුවරුන් 3100ක්

දකුණු පළාතට අලුතින් උපාධිධාරි ගුරුවරුන් 3100ක්

දකුණු පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරි ගුරුවරුන් 3100ක් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරික්ෂණ අවසන් අදියරේ පවතින බව පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කළා.

දකුණු පළාත් සභාව මඟින් මෑතකාලයේ වැඩිම ගුරුවරුන් පිරිසක් එකවර බදවාගනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර, එමඟින් පළාතේ පාසල්වල පවතින ගුරු හිඟය බොහෝදුරට අවසන් වනු ඇති බවයි ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

2021 වර්ෂයෙන් පසු දකුණු පළාත් සභාව මඟින් ගුරුවරුන් බඳවාගෙන නොමැති අතර විද්‍යාව,ගණිතය, සිංහල, බුද්ධාගම, ඉංග්‍රිසි ඇතුළු සියලු‍ම විෂයයන් සඳහා මෙවර උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතයි.