IMF වෙතින් තවත් ඇ.ඩොලර් මිලියන 337ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.
මේ අනුව මෙරටට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 337ක මුල්‍යාධාරයක් ලබාදෙනු ඇති.
මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ මෙරට බලධාරීන් වසර 4ක සහාය දක්වන වැඩසටහන පිළිබඳ දෙවන සමාලෝචනය අවසන් කිරීම සදහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.
මේ අනුව මූල්‍ය අරමුදලේ කළමනාකරීත්වය අනුමත කර එහි විධායක මණ්ඩලයේ කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337ක මෙම මූල්‍යාධාරය සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව උදා වනු ඇති.
එය මෙරට ආර්ථිකයේ කල්පවත්නා වර්ධනයකට හේතුවනු ඇති බවයි ශ්‍රී ලංකා මහබැංකු මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානි පිටර් බෲවර් සඳහන් කරන්නේ.

