පෑවිල්ලත් සමඟ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවෙනවා

පෑවිල්ලත් සමඟ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවෙනවා

මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය සැපයීම සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරනවා.

වියලි කාලගුණික තත්ත්වය මෙලෙසම පවතින්නේනම් ජලය ලබාදීම වරින්වර තාවකාලිකව අත්හිටුවීමට සිදුවනු ඇති බවත් ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත්, එලෙස ජලය අත්හිටුවන්නේනම් හෝ අඩු පීඩන තත්ත්වයක් යටතේ නිකුත් කිරීමට සිදුවන්නේනම්, ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සිටින පාරිභෝගිකයින් හට ජංගම දුරකථන කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දීමට කටයුතු යොදා ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

COMMENTS