කැලණිය සරසවියේ සිසුවාගේ මරණය ගැන නිවේදනයක්

කැලණිය සරසවියේ සිසුවාගේ මරණය ගැන නිවේදනයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසල රැඳී සිටි විද්‍යාර්ථින් එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා.

ඒ පරිපාලනය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි .

ශිෂ්‍ය නේවාසිකාගාරයේදී යම් රෝගී තත්ත්වයකින් ශිෂ්‍යයෙකු මිය යාමසම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබුණා.

සිසුන් පවසන්නේ විශ්වවිද්‍යාලය තුළ ගිලන් රථයක් නොතිබීම ශිෂ්‍යයාගේ මරණයට හේතු වූ බවයි.

කැළණිය විශ්වවිද්‍යාලය තුලට ආචාර්යවරුන්ට සහ සේවකයන්ට ඇතුළුවීමට නොදී සිසුන් එහි ගේට්ටු වසා දමා ඔවුන් විරෝධය පලකලා

දෙපාර්ශවය අතර පවතී සාකච්ඡාවකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්..

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්..