කැබ් – මෝටර් රථ අනතුරක් – හතරක් රෝහලට

අම්පාර මුවංගල මාර්ගයේදි කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිව්දෙනෙක් තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කැබ් රථය හිඟුරාන දෙස සිට අම්පාර දෙසට ධාවනය කර ඇති අතර මොටර් රථය මාර්ගය අයිනේ නවතා තිබූ බවයි පොලිසිය පැවසුවේ.
කැබ් රථයේ ටයරයක හුලං බැසීම නිසා රියදුරුට එය පාලනය කිරිමට නෙැහැකිව කැබ් රථය මොටර් රථය උඩට ගොස් නැවතී මෙම අනතුර සිදුව තිබෙනවා.

