හිටපු ජනපති මෛත්‍රී CIDයට එයි

හිටපු ජනපති මෛත්‍රී CIDයට එයි

2019 වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඊයේ (24) දැනුම්දී තිබුණා.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරනු ලැබුවේ.

COMMENTS