පාස්කු දිනයට සියළු පල්ලිවලට දැඩි ආරක්ෂාවක්

පාස්කු දිනයට සියළු පල්ලිවලට දැඩි ආරක්ෂාවක්

එළැඹෙන මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනවලදී සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම දිවයිනේ සියළුම මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද (26) සහ හෙට (27) තම පොලිස් වසමට අයත් සියලු කතෝලික, ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පෞද්ගලිකව ගොස් ඒවායේ පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.