රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ නැකැත් සීට්ටුව පිළිපඳින්න

රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ නැකැත් සීට්ටුව පිළිපඳින්න

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රාජ්‍ය ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥ කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නැකැත් පිළිපදින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවට නිවේදනයක් මඟින් දැනුම් දී තිබෙනවා.

1993 වර්ෂයේ සිට ප්‍රවීණ ජෝතිර්වේදින්ගෙන් සමන්විත රාජ්‍ය නැකත් කමිටුව රැස් වී අදාළ වර්ෂය සඳහා නැකැත් සම්පාදය කර නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීම සම්ප්‍රධාය බවත් ඒ අනුව මෙම වසරේ 2023.10.02 දින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම වසරට අදාළ නැකැත් සීට්ටුව ප්‍රසිද්ධ කිරීමට අනුමැතිය ලබා දුන් බවත් එම නිවේදනයේ සඳහන්.

නමුත් මෙම නැකැත් සීට්ටුව සකස් කිරීමට දායක වී එම නැකැත් ශාස්ත්‍රානුකූල සහ නිවැරදි බවට එකඟ වී අත්සන්ද තැබූ ජෝතිර්වේදියෙක් තවත් සුළු පිරිසක් සමඟ සම්බන්ධ වෙමින් සාම්ප්‍රධායට අභියෝග කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මෙම සංස්කෘතික විරෝධී මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ නැකැත් සීට්ටුවට අනුව අවුරුදු චාරිත්‍ර සිදු කරන ලෙසයි එම අමාත්‍යාංශය එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.