රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් 10000 අප්‍රේල් මස වැටුපට

රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් 10000 අප්‍රේල් මස වැටුපට

2024 අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප් වර්ධකය අප්‍රේල් මස වැටුපට එකතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම මුදල අප්‍රේල් 10 ට පෙර ගෙවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

එමෙන්ම අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙසත් , ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

එමෙන්ම විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“රජයේ සේවකයින්ට වැටුප් රුපියල් 10,000 කින් වැඩිකළා. අපි 5,000 ගෙවාගෙන ආවා. දැන් 10,000ම අප්‍රේල් වැටුපට එකතුකරලා දෙනවා. මේක අපි අප්‍රේල් මාසයේ 10 වනදාට පෙර වැටුප සහ විශ්‍රාම වැටුප ලබාදීමට සූදානම්.” යනුවෙන්