වැටුප් නිසා මම ඉවත් වෙන්නේ නෑ – මහ බැංකු අධිපති

වැටුප් නිසා මම ඉවත් වෙන්නේ නෑ – මහ බැංකු අධිපති

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

“මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා මම ඉවත්වෙලා යන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. මම යනවා නම් යන්නේ, මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි.ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කළා. ඒ නිසා මම දකින්නේ නෑ මේක මට ඉවත් වෙන්න හේතුවක් කියලා.” යනුවෙන්

COMMENTS