ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (25) ඓතිහාසික ජයක් ලැබීමට සමත් වුණා.

ඒ ජගත් ශ්‍රේණිගතකිරීම් වල 204 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව එම වර්ගීකරණයේ 184 වන ස්ථානයේ පසුවන භූතානය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමත් සමඟයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිලොන් ද සිල්වා සහ ඔලි­වර් ජේම්ස් කෙලාට් ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

භූතා­නය අව­ස­න්ව­රට වසර 2015දී ශ්‍රී ලංකාව සමඟ කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී හමුවී ගෝල් 1-0කින් ශ්‍රී ලංකාව පරා­ජ­යට පත්වූ අතර, 2013දී ශ්‍රී ලංකාව විසින් ගෝල් 5-2කින් භූතා­නය පරා­ජ­යට පත් කරන ලදී.

එබැ­වින් වසර 11කට පසු භූතාන පිල ඊයේ ශ්‍රී ලංකාව හමුවේ පසු­බෑ­ම­කට ලක්වීම විශේ­ෂ­ත්ව­යකි.

මෙම තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන් 6,000කට අදික පිරිසක් කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයට පැමිණ සිටියාය.