සියලු විකිරණ ප්‍රතිකාර ඒකක හෙට එක්දින වර්ජනයක

සියලු විකිරණ ප්‍රතිකාර ඒකක හෙට එක්දින වර්ජනයක

මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් හෙට (27) දිනයේදී දිවයින පුරා සියලුම විකිරණ ප්‍රතිකාර ඒකකවල එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී ඇත්තේ එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති විසින්.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරිය විසින්, දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපි නොසළකා හැරීම හේතුවෙන් එම රෝහලේ සිදුකරන අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරමින් මෙම එක්දින සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

COMMENTS