අලුත් අවුරුද්දට කලින් ගල් බෝතලේ මිල අඩුවෙන ලකුණු

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) බණ්ඩාරවෙල ප්‍රදේශයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ භාණ්ඩ මිල මෙන්ම මත්පැන් මිලද අඩුවිය යුතු බවත්, එළඹෙන අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහළ දැමීම සඳහා උත්සාහ කරන බවයි.
මැතිවරණය ඉලක්ක කරමින් මෙලෙස ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව උත්සාහ කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සිටින ආණ්ඩුව කිසි විටෙකත් ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බව ප්‍රකාශ කර ඇති බැවින්, මැතිවරණය ඉලක්ක කර මෙලෙස ජනතාවට සහන ලබාදීමක් කිසිවිටෙකත් සිදුනොකරන බවයි.

