පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගැටුමක් – 10ක් රෝහලේ

පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක මෙම ගැටුම ඇති වී තිබෙන අතර එම අධ්‍යාපන ආයතනය බාරව සිටින පුද්ගලයා මේ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියට පැමිණිලි කර ඇති බවද සඳහන්.
මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද එකක් වන අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසු සිසුවියන්ට එහි නේවාසිකව අධ්‍යාපනය ලබා දෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මත හටගත් බව කියන ආරාවුලක් දුර දිග යෑම මෙම ගැටුමට හේතු වී ඇති බවයි.

