අලුත් අවුරුද්දට බිත්තර අඩුවට

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී දේශීය බිත්තරයක මිල රුපියල් 35 ට පහළ මට්ටමට එන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
මේ වනවිට දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙදපළට සැපයීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියා සිටියේ.

