ක්වීන් මේරි ටූ කොළඹට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්වීන් මේරි ටූ අද උදෑසන කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.
තායිලන්තයේ Phuket නුවර සිට පැමිණි මෙහි මගීන් 2,290 දෙනෙකු සහ කාර්ය මණ්ඩල 1,218 දෙනෙකු සිටින බව සඳහන්.
බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල සංචාරකයින් එම නෞකාවෙන් පැමිණ ඇති අතර, ඔවුන් ගාල්ල, මහනුවර සහ කොළඹ යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
බර්මියුඩා ධජය යටතේ පැමිණි ක්වීන් මේරි ටූ මගී නෞකාව අද රාත්‍රියේ නැගෙනහිර අප්‍රිකානු මොරිසස් බලා පිටත්ව යාමට නියමිතයි.

