ශ්‍රී ලංකාවෙන් දැවැන්ත අභියෝගයක් – බංග්ලාදේශය 476ක් පසුපසින්

ශ්‍රී ලංකාවෙන් දැවැන්ත අභියෝගයක් –  බංග්ලාදේශය 476ක් පසුපසින්

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 531 රැස්කිරීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.

තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස්කරගෙන සිටියේය.

ළහිරු කුමාර යොමුකළ පන්දුවක් කෙළින්ම මහමුදුල් හසන්ගේ කඩුල්ලේ වැදීමෙන් ඔහුට ලකුණු 21කින් සෑහීමකට පත්වන්නට සිදුවිය.

ඒ අනුව දිනය නිමාවන විට බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 476ක් පසුපසින් සිටියේය.

COMMENTS