ශ්රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ගැටුමේ දෙවන දිනය අද

ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි (31).
පළමු දිනය නිමාවනවිට ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න ලකුණු 86 ක්ද, නිශාන් මධුෂ්ක ලකුණු 57 ක්ද රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 93යි.
නොදැවී ක්රීඩා කරන දිනේෂ් චන්දිමාල් ලකුණු 34 ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 15 ක්ද ලබා සිටිනවා.

