හෙද හෙදියන් අද සහ හෙට බලය පෙන්වයි

අද සහ හෙට යන දෙදින තුළ සියලුම හෙද හෙදියන් පැය තුනක් සේවයෙන් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවල සඳහන් කළේ, හෙද හෙදියන්ගේ දීමනා ලබාදීම, නිල ඇඳුම් දීමනා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.
මේ අතර, සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීම සදහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ පෙරේදා (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එමෙන් ම සිය ගැටළු සදහා මැයි පළමුවනදාට පෙර විසදුම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය පවසනවා.
ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නතර කිරීම ඇතුළු ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීමට එරෙහිව මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සිදුකරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.

