රාජ්‍ය නිලධාරීන් පිරිසකට විශේෂ මාසික දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් මාර්තු මාසයේ සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙම දීමනාව ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

