උපාධිධාරීන්ට දෙන ගුරු පත්වීම් ගැන දැනුම්දීමක්

උපාධිධාරීන්ට දෙන ගුරු පත්වීම් ගැන දැනුම්දීමක්

බස්නාහිර පළාතේ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2400 දෙනෙකු මේ වන විට තෝරාගෙන අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උපාධිධාරී ගුරු පත්වීම් සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

ගුරු විභාගය සමත් ඉතිරි පිරිස සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අප්‍රේල් නිවාඩුවෙන් පසුව ඔවුන්ට ද පත්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.