ගතවූ මාස තුනේ මෙරටට සංචාරකයින් ලක්ෂ 6ක් ඇවිත්

මාර්තු මාසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 ක් වනවා

