ප්‍රධාන රෝහල් 10ක් අද අඩපණ වෙයි

අද (2) දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ඊයේ (01) පැවතී මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.
එම වැඩ වර්ජනය උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව අද වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් වන්නේ, ශ්‍රී ලංකා ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල,යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මන්නාරම මූලික රෝහල,ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල,

