හරක් හොරුන්ට වැඩ වරදී

ගවයින් සොරකමේ යෙදෙන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10,000ක දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එහිදී, ගවයින් සොරකමේ යෙදෙන්නන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කිරිමට නව පනතක් ගෙන එන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අමාත්‍යවරයා පවසන්නේ එම වැරදිකරුවන්ට එරෙහිව එම පනත මඟින් නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන මෙම සොරුන් දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී වැඩකටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

