දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි උපදෙස්

දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි උපදෙස්

ලබන සතියේ දීර්ඝ නිවාඩුවක් යෙදී ඇති බැවින් දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් , ප්‍රාදේශීය ලෙක්ම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් අදාළ සම්බන්ධීකරණය සිදුකරමින් එම සේවාවන් පවත්වාගෙන යා යුතු බවයි අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

ආපදා හදිසි අවශ්‍යතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුයි.

අදාළ දිස්ත්‍රික්වල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් මෙම නිවාඩු කාලය තුළ බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

COMMENTS