තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක්

සිංහල, දමිළ අලුත් අවුරුදු සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
ඒ අනුව රජයේ නිවාඩු දිනයක් වන අප්‍රේල් 12වැනිදා දිවයින පුරා බෙදීම් සහිත තැපැල්/උප තැපැල් කාර්යාල මගින් – Cash-on-Delivery, විදේශ කුරියර් සේවාව සහ සාමාන්‍ය පාර්සල් බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.


