මුලින්ම එන්නේ ජනාධිපතිවරණයක්, ඒ ගැන කතා කරන්න දෙයක් නෑ

මුලින්ම එන්නේ ජනාධිපතිවරණයක්, ඒ ගැන කතා කරන්න දෙයක් නෑ

මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

මාස 21ක කාලයක් තුළ රට වැටුනු තැනින් ගොඩට ගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබුණු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රට ගොඩගත්තා වාගේම යළිත් රට ආපස්සට ඇදීමට ඉඩ ලබා නොදී රට ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂයට වුවමනාවක් ඇති බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බවට තීරණය කර අවසන් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

COMMENTS