රැඳවියන් බලන්න 11,12,13 දිනවල විශේෂ අවසරයක්

රැඳවියන් බලන්න 11,12,13 දිනවල විශේෂ අවසරයක්

රාමසාන් උත්සවය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වෙනවා.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක පැවසුවේ ලබන 11,12, සහ 13 යන දිනවල මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

එමෙන් ම රාමසාන් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ විශේෂ වැඩසටහනක් 11 වැනිදා ක්‍රියාත්මක බවද ඔහු පවසා සිටියා.

රැඳවියන්ගේ ඥාතින්ට නිවසින් රැගෙන එන ආහාර, රස කැවිලි, සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ දීමට සියලුම බන්ධනාගාර ආයතන කටයුතු සලසා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.