වයර්, සිමෙන්ති සහ තීන්ත සඳහා මිල පරාසයක්

වයර්, සිමෙන්ති සහ තීන්ත සදහා ඉදිරියේ දී මිල පරාසයන් නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
කොළඹ ඊයේ (08) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වෙළඳුන් විසින් විවිධ මිල ගණන් යටතේ එම ද්‍රව්‍ය අලෙවි කිරීම ඊට හේතුව බවයි.

