පළමු පාසල් වාරයේ පළමුවන අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ පළමුවන අදියර අදින් අවසන්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර අදින් (10) අවසන් වන අතර පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වන බදාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.17 වන බදාදා දින ආරම්භ වන බවයි.