අලුත් අවුරුද්දට සිරකරුවන් 779කට ජනාධිපති සමාව

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 කට ජනාධිපති සමාව ප්රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එලෙස ජනාධිපති සමාව ප්රදානය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

