රණවිරු පවුල් සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක්

අංශ කිහිපයක් යටතේ රණවිරු පවුල් උදෙසා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවරගන්නා බව හමුදාව සහ රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කර සිටිනවා.
ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු සහ අනෙකුත් සේවාවන් ආදී විවිධ ක්ෂේත්රවල රණවිරු පවුල්වලට මනාප සහන සැලසීමේ වැඩසටහනක් යටතේ මෙය ලබාදීමට සැලසුම්කර ඇති බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම රණවිරුවන්ට ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ වැඩසටහනේදී රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඉඩම් හිමිවීමේ අවස්ථා ලබාදීමේ අරමුණින් ඔවුන්ට ප්‍රමුඛත්වය ලබාදීමට රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.
ගජබා රෙජිමේන්තුවේ, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ පිළිබඳව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

