අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල්

අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ඊයේ (21) ඌව පරණගම අඹගස්දෝව ක්‍රිඩාංගණයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික උත්සවයට එක් වෙමින් පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා නොමිලේ සහල් බෙදාදීම මේවන විට ක්‍රියාත්මක බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් සඳහන් කළේ අප්‍රේල් මාසයේ ලබාදීමට නියමිත සහල් කිලෝග්‍රෑම් 10 මේවන විට දිවයින පුරා බෙදාදීම ආරම්භ කර ඇති බවයි.

