වීසා බලය සමාගමට දුන්නේ කැබිනට්ටුවේ පූර්ණ අනුමැතියෙන්

වීසා බලය සමාගමට දුන්නේ කැබිනට්ටුවේ පූර්ණ අනුමැතියෙන්

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

මෙය ඉන්දියානු සමාගමක් බවට සමහරුන් ගෙන යන ප්‍රචාරය වැරදි බව පැවසූ අමාත්‍යවරයා එම සමාගම මේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ විශේෂ කමිටුවක නිර්දේශ මත කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය අනුව බවද සඳහන් කළේය.

මේ අතර කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

COMMENTS