රටේ ආර්ථිකය තවමත් අනතුරේ – පාඨලී

රටේ ආර්ථිකය තවමත් අනතුරේ – පාඨලී

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අනතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු වලින් බිලියන ගණන් ණයට ගෙන ඒ බැංකු වලට පොලු තැබූ ඇමතිවරුන්, ව්‍යාපාරිකයන් සිටින බවත් ඔවුන් මහා ධන කුවේරයන් සහ මහා ව්‍යවසායකයින් ලෙස හැසිරෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා කීය.

ඔවුන්ගේ නම් ඉල්ලා සිටියත් ඒවා ප්‍රසිද්ධ කිරීමට ඉඩ දී නැතැයි ද රණවක මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කීය