ලිට්‍රෝ සහ ලාෆ් ගණන් බස්සයි

ලිට්‍රෝ සහ ලාෆ් ගණන් බස්සයි

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

මේ අතර අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත.

එහි නව මිල රුපියල් 3,840කි.

5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල 1,542කි.

COMMENTS