අකුණු සැර වැදී හදිසි ප්‍රතිකාර ඒකකයට දැඩි හානි

අකුණු සැර වැදී හදිසි ප්‍රතිකාර ඒකකයට දැඩි හානි

පවතින අධික වර්ෂාවත් සමග ඇති වූ අධික අකුණු සැර හමුවේ වලස්මුල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

අද පස්වරුවේ අකුණු සැර වැදීමෙන් මෙලෙස එම ඒකකය විනාශයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අකුණු සැර වදින අවස්ථාවේ එහි රෝගීන් සිව් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, ඔවුන් කඩිනමින් ඉන් ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන අන්දමට විනාශ වූ දේපළවල වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි.